සබඳ ඔබ පිළිගනිමි.........ආදරෙන්.........මේ මතක දනව්වට


Thursday, September 9, 2010

අසම්මතයේ සොඳුරු ෙපම

සසදර සිසිල පිරි මුව සිලිලාර         විලේ
පුෂ්කර අරම නන්දන අම සුව         වපුලේ
නිල්මිණි නයනයුග මනයොන් හී   විසුලේ
දිවසර සිරිවමිය නුඹමය මහද         විලේ


අග්නි දාහ ගත පෙලනා නේක           විඩා
දග්ද පස මිතුරු දුන් පිරිපත                 නොහඬා
සැණෙන් වියැකි බිණු වදනින් සලිල  වඩා
ගගන පයෝදර දිය සුව කුමට             දොඩා


මුව’ග තෙරපි මොද අපමණ වදන්   පෙතී
පිය’ඹ නොවත් උවදුරු මැද දිරිය    දෙතී
නුදුරු නැතත් සෙවනැල්ලක් සේම   නිතී
හද අසපුවකි අනුරාගී සුව                සැපතී


මහද සයන සුව දී කෙසරිඳු           විලස
ධවල විමන අබිසෙස් ලන්නේ      කෙළෙස
ගැබට රන් පුතුන් කැන්දන මී        සුරස
බිඳිනු නොරිසි නුඹ පතිදම් වුව      නිරස

අමඳ සෙනේ දිය කඳ දලනිදුම          වෙතී
තුමුල කනෙරු මත එන්නට පැතුම්    ඇතී
තිවට නොකෙටු කල නලලත වරම්   නැතී
කඳ දෙව් සරණ වනු කෙළෙසක       මුවැත්තී

No comments:

Post a Comment